මේක තමයි මන් දාන පල්වෙනි පෝස්ට් එක 😁😁😁 ඒ නිසා වැරදි අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්.
ඔයාල අපි හැමෝම දන්න Transformers කියන්නෙත් universe එකක්.transformers එක film එකක් වත් බලල නැති කෙනෙක් ඉන්නව කියන එකත් හිතන්න අමාරුයි.මොකද ඒතරමට මේ series එක ජනප්රියයි.
ඉතින් අද අරන් ආවෙ මෙ series එක ඇතුලෙ ඉන්න චරිත පිලිබද පොඩී විස්තරයක්.
* Bumblebee..........
Optimus prime ගැන් ගොඩක් අය දන්න නිසා එයා ගැන පස්සෙ දාන්නම්.අද අරන් ආවෙ එයාට පස්සෙ ඉන්න චරිතයක් වෙන Bumblebee ගැන.
Bumblebee කියන්නෙ optimus prime ගේ දැනට ඉන්න විශ්වාසවන්තම දෙවනි නිලධාරියෙක් කියල කියන්න පුලුවන් කොටින්ම optimus පස්සෙ autobot ලට නායකත්වය දුන්න ultra magnus ට වඩා විශ්වාසවන්ත කෙනෙක්.හැබැයි bumblebee කියන්නෙ autobot ලා අතරින් ගොඩක් ශක්තිමත් කෙනෙක් නෙමෙයි.ගොඩක් පොඩි කෙනෙක් ඒවගේම තරමක් මුරන්ඩුයි හැබැයි ගොඩක් නිර්භීතයි.එ නිසා ගොඩක් වෙලාවට එයා autobot ලා වෙනුවෙන් decepticons ල,එක්ක ඉදිරිපෙලම සටන් කරනවා.
Bumblebee ගෙ එක battle එකකදි එයාට ගොඩක් damage වෙනව එතනදි එයාගෙ කතා කිරීමෙ හැකියාව නැතිවෙනව.නමුත් එයාට පුලුවන් වෙනව message මගින් අනිත් autobot ල,එක්ක සන්නිවේදනය කරන්න ඒ වගේම එයාට පුලුවන් රේඩියො නාලිකා වල හඩ පටි වලින් සන්නිවේදනය කරන්න.ඒ වගේම bumblebee කියන්නෙ පොඩි ලමයින්ට ගොඩක් ලැදි කෙනෙක් මෙයා ඉන්න හැම කතාවකම මෙයා එක්ක ඉන්නෙ පොඩි ලමයි කියල,ඔයාලට බලාගන්න පුලුවන්.පෘතුවියෙදි bumblebee ව N.B.E-2 , Z.B-7 කියන නම් වලිනුත් හදුන්වනවා.එ වගේම dinobot strafe,cliffjumper කියන්නෙ මෙයාගෙ හොදම සගයො.cliffjumper ගැන කියද්දි bumblebee යි එයයි දෙන්නම එක සමානයි.වෙනසකට තියෙන්නෙ cliff ගෙ පාට රතු වුන එක විතරයි.එයා ගැන විස්තරයක් ඉලග පොස්ට් එකකින් දාන්නම්.එවගේම මෙයාගෙ brothers in arm විදියට ඉන්නෙ hot road නැත්තම් rodimus prime.සාමාන්යෙන් bumblebee ගෙ alternative mode එක chevrolet camaro එකක් කියලනෙ අපි දන්නෙ ඒත් මෙයාගෙ original vehicle එක තමයි Volkswagen Beetle එකක් .
සාමාන්යෙන් Original transformers series එක කියල ගොඩක් අය පිලිගන්නෙ g1 නැත්තම් genaration 1 series එක මම ඔය උඩ කියපු volkswagen beetle එක තියෙන්නෙ අන්න ඒ bee ගෙ.
#genaration 1
ඕනම cybertronion කෙනෙක් වයසට යනව එ වගේම Bumblebee ත් එහෙමයි එයාගෙ තරුණ කාලය එනකොට එයා වෙනස් වෙනව ඒ Goldbug විදිහට එතකොට,ඉන්නෙ අපි හිතන පොඩි කෙනා නෙමෙයි ඊට වඩා හොද ශක්තිමත් කෙනෙක්.ඒ වගේම transformers timeline එකේ වෙන පොඩි සිද්දියක් නිසා goldbug එකපාරටම evil කෙනෙක් වෙනව .ඒත් ටික වෙලාවකට විතරයි.
#goldbug
transformers series එකෙන් ගොඩක් අය ආසම කෙනෙක් තමයි bumblebee කියන්නෙ ඒ නිසාම තමයි transformers film වල තවමන් ඒ චරිතය තියෙන්නෙ ඒ වගේම ලබන අවුරුද්දෙ දි bumblebee ගෙ spin off චිත්රපටියකුත් එනව.
Bee ගැන තව විස්තර දාන්න නම් පුලුවන් හැබැයි පොස්ට් එක නම් ඉවර කරන්න ලැබෙන එකක් නෑ 😁😁😁ඒ නිසා දැනට නවත්තන්නම්...






1 comments:
එල
Post a Comment